පෘෂ්ඨික ආතතිය (T)
පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම.
නිශ්චල
ද්‍රව පෘෂ්ඨයක තෝරා ගත් ඒකීය දිගකින් යුත් කල්පිත රේඛාවක් මත එම රේඛාවට අභිලම්බ ව
සහ ද්‍රව පෘෂ්ඨයට ස්පර්ශක ව එක් පැත්තකට පමණක් ක්‍රියා කරන පෘෂ්ඨික ආතති බලය ද්‍රවයේ
පෘෂ්ඨික ආතතිය ලෙස අර්ථ දැක් වේ.
a අණු
අතර ඇති වන අන්තර් අණුක ආකර්ෂණ බල නිසා පෘෂ්ඨික ආතතිය ඇති වේ.
පෘෂ්ඨික
ආතතිය සෙවීමේ ජෙගර්ගේ ක්‍රමය
ද්‍රව්‍ය
හා උපකරණ
·
ජෙගර්ගේ උපකරණ කට්ටලය
·
බීකරය
·
චල අන්වීක්ෂය
·
උෂ්ණත්වමානය
·
උස වෙනස් කළ හැකි බංකුවක්
·
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවය
·
භූමිතෙල් ස්වල්පයක්
·
කේෂික නලයක්
ඇටවුම
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය = T
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ ඝනත්වය = ρ1
මැනෝමීටරයට දමා ඇති භූමිතෙල් වල ඝනත්වය = ρ2
කේෂික නලයේ අරය = r
වායුගෝල පීඩනය = π
බුබුල
තුල පීඩනය = π
+ h2ρ2g
බුබුලෙන්
පිටත පීඩනය = π + h1ρ1g
බුබුල
තුල අමතර පීඩනය = P1 - P2
ප්‍රශ්න
01.
නලයේ කෙළවර වායු බුබුල
නිර්මාණය කර ගන්නා ආකාරය?
A බඳුනට ද්‍රවය වත් කරමින්
කේෂික නලය තුළ වූ වාතයේ පීඩනය වැඩි කිරීමෙන්
02.
පාඨාංක ලබා ගන්නා අවස්ථාවේ දී
බුබුලේ අරය කොපමණ ද?
කේෂික නලයේ අරයට සමාන වේ.
හේතුව : මෙම අවස්ථාවේ දී
පීඩනය උපරිම වේ.
03.
බුබුලේ අරය නියමිත ප්‍රමාණයට
පත් වී ඇති බව දැන ගන්නේ කෙසේ ද?
මැනෝමීටරයේ ද්‍රව මට්ටම් වෙනස
උපරිම වීමෙන්.
04.
ද්‍රව පෘෂ්ඨය හා ස්පර්ශ වන
පරිදි දර්ශකයක් සවි කරන්නේ ඇයි?
පාඨාංක ලබා ගැනීමේ දී
වීදුරු-ද්‍රව අතුරුමුහුණත් මඟින් ඇති වන පෘෂ්ඨක ආතති දෝෂ හා වීදුරු තුළින් වර්තනය
වීම නිසා ඇතිවන දෝෂ මඟහරවා ගැනීමට
05.
මෙම ක්‍රමයෙන් පෘෂ්ඨක ආතතිය
සෙවීමේ වාසි
ස්පර්ශ කෝණය අවශ්‍ය නොවීම
ද්‍රව ලෝහ වල පෘෂ්ඨක ආතතිය
නිර්ණය කළ හැකි වීම.
සාන්ද්‍රණය හෝ උෂ්ණත්වය අනුව
ද්‍රවයක පෘෂ්ඨක ආතතිය විචලනය වන අයුරු නිර්ණයට පහසු වීම.
කේෂික
උද්ගමනය මඟින් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
ද්‍රව්‍ය
හා උපකරණ
·
බීකරය
·
චල අන්වීක්ෂය
·
උස වෙනස් කළ හැකි බංකුවක්
·
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවය
·
කේෂික නලයක්
·
උෂ්ණත්වමානය
·
දිග ඇල්පෙනෙත්ත
·
රබර් මුදු
ඇටවුම
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය = T
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ ඝනත්වය = ρ
කේෂික නලයේ අරය = r
ජලය
සඳහා θ = 0
ලෙස සැලකීමෙන්
ප්‍රශ්න
01.
කේෂික නලයේ ඉහළ කෙළවර වසා ජලයේ ගිවූ විට
ජල කඳේ උසට කුමක් සිදුවේ ද?
ජල කඳේ උස අඩු වේ.
හේතුව : හිර වූ වාතය මඟින් ජල
කඳ මත පීඩනයක් ඇති කරන නිසා.
02.
කේෂික උද්ගමනයේ දී නලයේ උස ප්‍රමාණවත්
නොවුණහොත් ජලය උතුරා පිටාර ගලන්නේ ද?
නැත.
හේතුව
: ජල කඳ ඉහළට නැඟ ජලය වීදුරු පෘෂ්ඨය සමඟ සාදන ස්පර්ශ කෝණය වැඩි වී මාවකයේ වක්‍රතාව
අඩු වේ.
03.
ජලයේ උෂ්ණත්වය සටහන් කර ගැනීම
වැදගත් වන්නේ ඇයි?
උෂ්ණත්වය අනුව ද්‍රවයේ
පෘෂ්ඨික ආතතිය වෙනස් වන නිසා
04.
විෂ්කම්භය වැඩි නලවල ජල කඳේ
උස අඩු වෙන්නේ ඇයි?
නලයේ අරය(r) වැඩි
වන විට ජල කඳේ උස(h)
අඩු වේ.
05.
කේෂික නලය තුළ ජල මට්ටම
බීකරයට ඉහළින් තිබිය යුත්තේ ඇයි?
පාඨාංක ලබා ගැනීමේ දී වීදුරු තුළින් වර්තනය වීම නිසා ඇතිවන දෝෂ මඟහරවා ගැනීමට