Thursday, October 20, 2016

dusraweethawa

දුස්ස්‍රාවීතාව

දුස්ස්‍රාවීතාවය පිළිබඳ නිව්ටන්ගේ නියමය
අනාකූල ප්‍රවාහයක හැසිරෙන තරලයක එක් ස්තරයක් මත ක්‍රියා කරන ස්පර්ශීය පීඩනය හෙවත් ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන ව්‍යාකෘති ප්‍රත්‍යාබලය (F/A), එහි ප්‍රවේග අනුක්‍රමණයට (V/d)ට අනුලෝම ලෙස සමානුපාතික වේ.


දුස්ස්‍රාවීතා සංගුණකය අර්ථ දැක්වීම.
අනාකූල ප්‍රවාහයක හැසිරෙන තරලයක ප්‍රවේග අනුක්‍රමණය ඒකකයක්  වන ස්ථානයක, තරල ස්ථරයේ ඒකීය වර්ගඵලයක් මත ඊට ස්පර්ශක ව යෙදෙන දුස්ස්‍රාවී ඝර්ෂණ බලයයි.

ද්‍රවයක දුස්ස්‍රාවීතා සංගුණකය කේශික ප්‍රවාහ ක්‍රමයෙන් සෙවීම. (පොයිසෙල්)
ද්‍රව්‍ය හා උපකරණ
·        නියත පීඩන උපකරණය
·        බීකරය
·        දුස්ස්‍රාවීතා සංගුණකය සෙවිය යුතු ද්‍රවය
·        කේෂික නලයක්
·        ආධාරකය
·        නූල් කැබැල්ලක්
ඇටවුම

තරලය ගලා යෑමේ සීඝ්‍රතාව     =  V / t
ද්‍රවයේ දුස්ස්‍රාවීතා සංගුණකය   =  η
නලයේ දිග                              =  l


ප්‍රශ්න
01.      ද්‍රවය ගලා යා යුතු තත්ව හා ඒවා පවත්වා ගත යුතු ආකාරය?
අනාකූල   -:   නලයේ දෙකෙළවර කුඩා පීඩන අන්තරයක් පවත්වා ගැනීම.
අනවරත -: ද්‍රවය ගැලීම නියත පීඩන අන්තරයක් යටතේ සිදු වීමට සැලැස්වීම.
02.      මෙහි නිවැරදිව ම මැන ගත යුතු දත්තය කුමක්ද?
නලයේ අරය (r),
හේතුව : මෙහි r4 පදයක් අඩංගු වේ.
03.      මෙම පරීක්ෂණයේ දී බීකරය හොඳින් පිස වියලා ගත යුත්තේ ඇයි?
මෙහි දී එක් රැස් වන ජල පරිමාව සොයන්නේ ස්කන්ධය හා ඝනත්වය ඇසුරෙන් නිසා.
04.      මෙහි දී කේෂික නලයේ කෙළවර නූල් කැබැල්ලක් සවි කරන්නේ ඇයි?
කේෂික නලයෙන් වැටෙන ජල බිංදු බීකරයෙන් පිටතට ගලා යාම වැළැක්වීමට.
05.      මෙහි නිවැරදිව ම මැන ගත යුතු දත්තය කුමක්ද?
වැඩි කාලයක් තුළ ජලය එකතු කිරීම.
විවිධ උසවල් සඳහා ප්‍රවාහ සීඝ්‍රතාව මැනීම.
කේෂික නලය තිරස් ව සවි කිරීම.
06.      කේෂික නලය තිරස් ව සවි කළ යුත්තේ ඇයි?
පීඩන අනුක්‍රමණය නියතව තබා ගැනීමට (hρg)

Friday, September 30, 2016

Prushtika Aaththiya

පෘෂ්ඨික ආතතිය (T)
පෘෂ්ඨික ආතතිය අර්ථ දැක්වීම.
නිශ්චල ද්‍රව පෘෂ්ඨයක තෝරා ගත් ඒකීය දිගකින් යුත් කල්පිත රේඛාවක් මත එම රේඛාවට අභිලම්බ ව සහ ද්‍රව පෘෂ්ඨයට ස්පර්ශක ව එක් පැත්තකට පමණක් ක්‍රියා කරන පෘෂ්ඨික ආතති බලය ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය ලෙස අර්ථ දැක් වේ.
a අණු අතර ඇති වන අන්තර් අණුක ආකර්ෂණ බල නිසා පෘෂ්ඨික ආතතිය ඇති වේ.
පෘෂ්ඨික ආතතිය සෙවීමේ ජෙගර්ගේ ක්‍රමය
ද්‍රව්‍ය හා උපකරණ


·        ජෙගර්ගේ උපකරණ කට්ටලය
·        බීකරය
·        චල අන්වීක්ෂය
·        උෂ්ණත්වමානය
·        උස වෙනස් කළ හැකි බංකුවක්
·        පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවය
·        භූමිතෙල් ස්වල්පයක්
·        කේෂික නලයක්

ඇටවුම
 

පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය  =         T
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ ඝනත්වය              =         ρ1
මැනෝමීටරයට දමා ඇති භූමිතෙල් වල ඝනත්වය         =         ρ2
කේෂික නලයේ අරය                                                          =         r
වායුගෝල පීඩනය                                                               =         π

බුබුල තුල පීඩනය                 =         π + h2ρ2g
බුබුලෙන් පිටත පීඩනය       =         π + h1ρ1g
බුබුල තුල අමතර පීඩනය    =         P1 - P2

ප්‍රශ්න
01.      නලයේ කෙළවර වායු බුබුල නිර්මාණය කර ගන්නා ආකාරය?
A බඳුනට ද්‍රවය වත් කරමින් කේෂික නලය තුළ වූ වාතයේ පීඩනය වැඩි කිරීමෙන්

02.      පාඨාංක ලබා ගන්නා අවස්ථාවේ දී බුබුලේ අරය කොපමණ ද?
කේෂික නලයේ අරයට සමාන වේ.
හේතුව : මෙම අවස්ථාවේ දී පීඩනය උපරිම වේ.

03.      බුබුලේ අරය නියමිත ප්‍රමාණයට පත් වී ඇති බව දැන ගන්නේ කෙසේ ද?
මැනෝමීටරයේ ද්‍රව මට්ටම් වෙනස උපරිම වීමෙන්.

04.      ද්‍රව පෘෂ්ඨය හා ස්පර්ශ වන පරිදි දර්ශකයක් සවි කරන්නේ ඇයි?
පාඨාංක ලබා ගැනීමේ දී වීදුරු-ද්‍රව අතුරුමුහුණත් මඟින් ඇති වන පෘෂ්ඨක ආතති දෝෂ හා වීදුරු තුළින් වර්තනය වීම නිසා ඇතිවන දෝෂ මඟහරවා ගැනීමට

05.      මෙම ක්‍රමයෙන් පෘෂ්ඨක ආතතිය සෙවීමේ වාසි
ස්පර්ශ කෝණය අවශ්‍ය නොවීම
ද්‍රව ලෝහ වල පෘෂ්ඨක ආතතිය නිර්ණය කළ හැකි වීම.
සාන්ද්‍රණය හෝ උෂ්ණත්වය අනුව ද්‍රවයක පෘෂ්ඨක ආතතිය විචලනය වන අයුරු නිර්ණයට පහසු වීම.

කේෂික උද්ගමනය මඟින් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
ද්‍රව්‍ය හා උපකරණ


·                    බීකරය
·                    චල අන්වීක්ෂය
·                    උස වෙනස් කළ හැකි බංකුවක්
·                    පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවය
·                    කේෂික නලයක්
·                    උෂ්ණත්වමානය

·                    දිග ඇල්පෙනෙත්ත
·                    රබර් මුදු



ඇටවුම


පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය  =         T
පෘෂ්ඨික ආතතිය සෙවිය යුතු ද්‍රවයේ ඝනත්වය             =         ρ
කේෂික නලයේ අරය                                                 =         r
ජලය සඳහා θ = 0 ලෙස සැලකීමෙන් 
ප්‍රශ්න
01.      කේෂික නලයේ ඉහළ කෙළවර වසා ජලයේ ගිවූ විට ජල කඳේ උසට කුමක් සිදුවේ ද?
ජල කඳේ උස අඩු වේ.
හේතුව : හිර වූ වාතය මඟින් ජල කඳ මත පීඩනයක් ඇති කරන නිසා.
02.      කේෂික උද්ගමනයේ දී නලයේ උස ප්‍රමාණවත් නොවුණහොත් ජලය උතුරා පිටාර ගලන්නේ  ?
නැත.
            හේතුව : ජල කඳ ඉහළට නැඟ ජලය වීදුරු පෘෂ්ඨය සමඟ සාදන ස්පර්ශ කෝණය වැඩි වී මාවකයේ වක්‍රතාව අඩු වේ.
03.      ජලයේ උෂ්ණත්වය සටහන් කර ගැනීම වැදගත් වන්නේ ඇයි?
උෂ්ණත්වය අනුව ද්‍රවයේ පෘෂ්ඨික ආතතිය වෙනස් වන නිසා
04.      විෂ්කම්භය වැඩි නලවල ජල කඳේ උස අඩු වෙන්නේ ඇයි?
නලයේ අරය(r) වැඩි වන විට ජල කඳේ උස(h) අඩු වේ.
05.      කේෂික නලය තුළ ජල මට්ටම බීකරයට ඉහළින් තිබිය යුත්තේ ඇයි?

පාඨාංක ලබා ගැනීමේ දී වීදුරු තුළින් වර්තනය වීම නිසා ඇතිවන දෝෂ මඟහරවා ගැනීමට